ඩෝරා යන අනවර්ථනාමයෙන් හඳුන්වනු ලැබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මන්නාරම ප්‍රදේශය භාර ප්‍රභලයකු හා පුපුරණ ද්‍රව්‍ය පිලිබඳ විශේෂඥයකු ඊයේ (මැයි 26) දින මන්නාරම ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරනු ලැබූ ප්‍රහාරයකදී මරණයට පත්ව ඇති බව වාර්තා වේ.
මන්නාරම ප්‍රදේශයේ ආරක්ෂක හමුදාවන්ට අයත් ආරක්ෂක සීමාවෙන් කිලෝමිටර් 1.5 ක් පමණ උතුරු දෙසට වන්නට පිහිටි ආන්ඳන්කුලම නම් ස්ථානයේ පිහිටි අවි ගබඩාවක් ඉලක්ක කර ගෙන උදෑසන 8.30 ට පමණ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙම ප්‍රහාරය දියත් කර ඇත.
ප්‍රහාරයෙන් එල්.ටී.ටී.ඊ.යට අයත් අවි ගබඩාවද සහමුලින්ම විනාශයට පත්ව ඇති බව ද වාර්තා වල වැඩි දුරටත් සඳහන්වේ.
Tuesday, May 27, 2008
දෙහිවල දුම්රිය බෝම්බය , අටක් මරුට: 72කට තුවාල - දිනමිණ.lk
දෙහිවල දුම්රිය ස්ථානයේදී ඊයේ (26) සවස කාර්යාල දුම්රියක් තුළ බෝම්බයක් පුපුරා යාමෙන් එහි ගමන් ගත් මගීහු අට දෙනෙක් මිය ගොස් තවත් 72ක් තුවාල ලැබූහ.
කොළඹ කොටුවෙන් ඊයේ සවස පානදුර බලා ගමන්ගත් කාර්යාල දුම්රියේ මෙම බෝම්බය පුපුරා ගිය අතර මියගිය සහ තුවාල ලැබුවන්ගෙන් වැඩිදෙනා රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයෝ වෙති. වැඩි විස්තර....
කොළඹ කොටුවෙන් ඊයේ සවස පානදුර බලා ගමන්ගත් කාර්යාල දුම්රියේ මෙම බෝම්බය පුපුරා ගිය අතර මියගිය සහ තුවාල ලැබුවන්ගෙන් වැඩිදෙනා රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයෝ වෙති. වැඩි විස්තර....
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති පදවිය නිමල්ට - දිනමිණ.lk
ශ‍්‍රී ලංකාවට අති විශාල කීර්තියක් ලබා දෙමින් රටවල් එකසිය අනූ තුනක ඒකමතික ඡන්දයෙන් සෞඛ්‍ය ආරක්‍ෂණ හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති තනතුරට පත් වී සිටියි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙතෙක් එම උසස් පදවියකින් පිදුම් ලත් එකම හා පළමු වන ශ‍්‍රී ලාංකිකයා වීමේ ගෞරවය ද මෙයින් ඒ මහතාට හිමිවේ. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ඊයේ (26) පෙරවරුවේ පැවැති ලෝක සෞඛ්‍ය සංවිධාන විධායක කමිටු රැස්වීමේ දී එම සංවිධානයේ සභාපති තනතුරට ඒ මහතා පත්කරනු ලැබුවේ ඔහුගේ දක්‍ෂතාවයත් කැපවීමත් නිසා බව එම සංවිධානය පවසයි. සාමාජිකයන් තිස්හතර දෙනෙකුගෙන් සමන්විත විධායක සභාව ඒකමතිකව ගනු ලැබූ මෙම තීරණය ශ‍්‍රී ලංකාවට විශාල ගෞරවයක් බව ඇමැතිවරයා පවසයි. වැඩි විස්තර....

Subscribe to:
Posts (Atom)