Wednesday, May 28, 2008

වාහන පිටත ගාල් කර කොළඹට සුඛෝපභෝගී බස්වලින් - news.lk

ඉන්ධන දහනය අවම කර ගැනීමේ අරමුණෙන් කටුබැද්ද, පෑලියගොඩ සහ නුගේගොඩ යන ප්‍රදේශවල ප්‍රධාන රථගාල් 3ක් ඉදිකිරීමටත් එම රථගාල්වල සිට කොළඹ දක්වා සුඛෝපභෝගි බස් රථ සේවාවක් ලබන අගෝස්තු මස සිට ආරම්භ කිරීමටත් රජය සැලසුම් කර තිබේ. ඉන්ධන නාස්තිය අවමකර ගැනීම සහ කොළඹ නගරයට පැමිණෙන වාහන ප්‍රමාණය අවම කර ගැනීමත් අරමුණු කර ගනිමින් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

මොරටුව විශ්වවිද්‍යාලය විසින් කරනු ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ දිනකට මගීන් 8,33,000ක් පමණ බැහැරින් කොළඹට පැමිණෙන බවයි. දුම්රිය මගින් පමණක් දිනකට 83,000ක් පමණ කොළඹට පැමිණේ. පුද්ගලික රථවාහන 175,000ක් පමණ දිනපතා කොළඹ නගරයට පැමිණේ. වැඩි විස්තර....

ජනගහන වර්ධන වේගය පහළට සාක්ෂරතාව ඉහළට - news.lk

ජනගහන වර්ධන වේගය පහළ වැටෙමින් පවතින අතර සාක්ෂරතා අනුපාතිකය , අධ්‍යාපන මට්ටම හා සැසඳීමේදී ඉහළ මට්ටමක පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි.
1940 සාක්ෂරතාවය 40%ක් වූ අතර 2005 වන විට එය 93% දක්වා වර්ධනය වී තිබේ. මෙහිදී වැඩිහිටි ජනගහනයට වඩා තරුණ පිරිස සාක්ෂරතා මට්ටමේ ඉදිරියෙන් සිටින බව අමාත්‍යාංශය පවසයි. වැඩි විස්තර....

උසස් පෙළ සියලුම විෂයයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම ආරම්භ වේ - news.lk

අ.පො.ස.(උ/පෙළ) විද්‍යා විෂය ධාරාවට අමතරව වාණිජ, කලා විෂය ධාරාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම සඳහා දිවයිනේ පාසල් 53ක් තෝරා ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් මෙම විෂය ධාරාවන් ඉගැන්වීමට අවශ්‍ය පහසුකම් එම පාසල් සඳහා ලබා දෙන මෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා උපදෙස් ලබා දී තිබේ.

බස්නාහිර පළාතේ පාසල් 12ක් ද මධ්‍යම පළාතේ පාසල් 8ක් ද මෙසේ තෝරා ගත් පාසල් අතර වේ.

දකුණ සහ වයඹ පළාත්වලින් පාසල් 07 බැගින් තෝරා ගෙන ඇති අතර සබරගමුව පළාතේ පාසල් 08ක්, ඌව පළාතේ 04ක් හා උතුරු පළාතේ පාසල් 03ක් තෝරා ගෙන තිබේ.

නැඟෙනහිර සහ උතුරුමැද පළාත්වලින් පාසල් 02 බැගින් තෝරා ගෙන තිබෙන අතර අ.පො.ස. (උසස් පෙළ) සියලු ම විෂයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වේ.

Tuesday, May 27, 2008

කොටි පුපුරණද්‍රව්‍ය විශේෂඥයා ගුවන් ප්‍රහාරයෙන් මරුට - මන්නාරම - Defence.lk

‍ඩෝරා යන අනවර්ථනාමයෙන් හඳුන්වනු ලැබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මන්නාරම ප්‍රදේශය භාර ප්‍රභලයකු හා පුපුරණ ද්‍රව්‍ය පිලිබඳ විශේෂඥයකු ඊයේ (මැයි 26) දින මන්නාරම ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරනු ලැබූ ප්‍රහාරයකදී මරණයට පත්ව ඇති බව වාර්තා වේ.
මන්නාරම ප්‍රදේශයේ ආරක්ෂක හමුදාවන්ට අයත් ආරක්ෂක සීමාවෙන් කිලෝමිටර් 1.5 ක් පමණ උතුරු දෙසට වන්නට පිහිටි ආන්ඳන්කුලම නම් ස්ථානයේ පිහිටි අවි ගබඩාවක් ඉලක්ක කර ගෙන උදෑසන 8.30 ට පමණ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙම ප්‍රහාරය දියත් කර ඇත.

ප්‍රහාරයෙන් එල්.ටී.ටී.ඊ.යට අයත් අවි ගබඩාවද සහමුලින්ම විනාශයට පත්ව ඇති බව ද වාර්තා වල වැඩි දුරටත් සඳහන්වේ.

දෙහිවල දුම්රිය බෝම්බය , අටක් මරුට: 72කට තුවාල - දිනමිණ.lk

දෙහිවල දුම්රිය ස්ථානයේදී ඊයේ (26) සවස කාර්යාල දුම්රියක් තුළ බෝම්බයක් පුපුරා යාමෙන් එහි ගමන් ගත් මගීහු අට දෙනෙක් මිය ගොස් තවත් 72ක් තුවාල ලැබූහ.

කොළඹ කොටුවෙන් ඊයේ සවස පානදුර බලා ගමන්ගත් කාර්යාල දුම්රියේ මෙම බෝම්බය පුපුරා ගිය අතර මියගිය සහ තුවාල ලැබුවන්ගෙන් වැඩිදෙනා රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයෝ වෙති. වැඩි විස්තර....

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති පදවිය නිමල්ට - දිනමිණ.lk

ශ‍්‍රී ලංකාවට අති විශාල කීර්තියක් ලබා දෙමින් රටවල් එකසිය අනූ තුනක ඒකමතික ඡන්දයෙන් සෞඛ්‍ය ආරක්‍ෂණ හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති තනතුරට පත් වී සිටියි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙතෙක් එම උසස් පදවියකින් පිදුම් ලත් එකම හා පළමු වන ශ‍්‍රී ලාංකිකයා වීමේ ගෞරවය ද මෙයින් ඒ මහතාට හිමිවේ. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ඊයේ (26) පෙරවරුවේ පැවැති ලෝක සෞඛ්‍ය සංවිධාන විධායක කමිටු රැස්වීමේ දී එම සංවිධානයේ සභාපති තනතුරට ඒ මහතා පත්කරනු ලැබුවේ ඔහුගේ දක්‍ෂතාවයත් කැපවීමත් නිසා බව එම සංවිධානය පවසයි. සාමාජිකයන් තිස්හතර දෙනෙකුගෙන් සමන්විත විධායක සභාව ඒකමතිකව ගනු ලැබූ මෙම තීරණය ශ‍්‍රී ලංකාවට විශාල ගෞරවයක් බව ඇමැතිවරයා පවසයි. වැඩි විස්තර....

Monday, May 26, 2008

දෙහිවල ප්‍රදේශයේදී දුම්රියක පිපිරීමක් - ethalaya.com

මැයි 26 - ප.ව. 5.10 : දෙහිවල ප්‍රදේශයේදී දුම්රියක පිපිරීමක්. තොරතුරු බලාපොරොත්තුවන්න

දුම්රිය ගාස්තු 100% කින් නගී - විමසුම.com

ඩීසල් ලීටරයකින් තවමත් රුපියල් 34 ක් පාඩුයි.
මැයි,26, (විමසුම) – දුම්රිය ගාස්තු මෙම 01 දා සිට 100% කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ නංවන බව, දුම්රිය සාමාන්‍යාධිකාරී ආචාර්ය ලලිතසිරි ගුණරුවන් පවසයි.

මේ අනුව, අදාළ ගමනාන්ත සඳහා අද මධ්‍යම රාත්‍රියේ සිට ලංගම අය කරන ගාස්තුවලට වඩා අඩු ප්‍රතිශතයකින් හෝ සමහර ගමනාන්ත වලදි ,ඊටත් වඩා වැඩි ප්‍රතිශතයකින් මෙම ගාස්තු සංශෝධනය සිදුවන බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අවධාරණය කරයි. වැඩි විස්තර....

ජ.වි.පෙ. නායකත්වය සෝමවංශට අහිමි වෙයිද? - විමසුම.com

යෝජනා වී ස්ථීර වන ඕනෑම කෙනෙකුට පක්ෂයේ නායකයා විය හැකියි - විජිත හේරත්
මැයි,26,(විමසුම) – ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය සෝමවංශ අමරසිංහ මහතාට හෙට සිට අහිමි වේදැයි, සැකයක් මේ වනවිට මතුව තිබේ.

මේ සැකය මතුව තිබෙන්නේ, හෙට උදෑසන 9.00 ට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ආරම්භ වන ජනතා විමුක්ති පෙරමුණේ 05 වන මහා සමුළුවේදී නායකයෙකු ඇතුළු සියළුම තනතුරු සඳහා පුද්ගලයින් තෝරා ගැනීමට තීරණය කිරීමත් සමගය. වැඩි විස්තර....

ත්‍රීරෝද රථ ගෑස් කෙරේ - විමසුම.com

මැයි,26,(විමසුම) – දිවයි‍ෙන් ලක්ෂ 03ක් පමණ වන ත්‍රීරෝද රථ රජයේ වියදමින් ගෑස් බවට හැරවීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍යාංශ ඩලස් අලහප්පෙරුම පවසයි.

මේ අනුව එක් ත්‍රීරෝද රථයක් ගෑස් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් රුපියල් 25000ත් 30000ත් අතර මුදලක් දැරීමට සිදු වන බවත් එමඟින් ත්‍රීරෝද රථ ධාවන වියදම් 40%කින් අඩු කළ හැකි බව ප්‍රවාහන අමාත්‍යවරයා කීය.

ලබන අගෝස්තු මාසය වන විට මෙම කාර්ය නිමා කළ හැකි බව පවසන අමාත්‍යවරයා ඉන් අනතුරුව ත්‍රීරෝද රථ සඳහා මීටර් ක්‍රමයක් හඳුන්වා දී විධිමත් ගාස්තු ක්‍රමයක් හඳුන්වා දෙන බවද කීය

ඇමති නිමල් සිරිපාල, WHO සභාපති වේ - විමසුම.com

මැයි,26,(විමසුම) – සෞඛ්‍ය අමාත්‍ය, නිමල් සිරිපාල ද සිල්වා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති තනතුරට තෝරාගෙන ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ, ජිනීවා නුවරදී අද පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක කමිටු රැස්වීමේදී රටවල් 193 ක නියෝජිතයින්ගේ ඒකමතික ඡන්දයෙන් අමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිවරයා ලෙස තෝරාගත් බවයි.

නව දුම්රිය බලවේග කට්ටල 03ක් ලබන සතියේ - News.lk

වසර 10කට පසු දුම්රිය බලවේග කට්ටල 15ක් චීනයෙන් ගෙන්වීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු සැලසුම් කර තිබෙන බවත්, ඉන් 03ක් ලබන සතියේ කොළඹ වරායට ළඟා වීමට නියමිත බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු අද (26) රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

මෙහි එක් කට්ටලයක් නියාමක මැදිරිය සමඟ මැදිරි 06කින් සමන්විත වන අතර, අගනුවර තදාසන්න ප්‍රදේශවල ධාවනයේ යෙදවීමට අපේක්ෂිතය. විශේෂයෙන් මෙම සේවාවෙන් කාර්යාල සේවකයින්ට දුම්රිය ප්‍රවාහන කටයුතුවලදී සහන සැලසේ. වැඩි විස්තර....

හඳුනා ගත් ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර - විමසුම.com

මැයි,26 (විමසුම) –මන්නාරම ආන්දාන්කුලම් ප්‍රදේශයේ හඳුනා ගත් එල්.ටී.ටී.ඊ. ඉලක්ක වෙත අද උදෑසන 08.30ට පමණ ගුවන් ප්‍රහාර එල්ල කළ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

මන්නාරම ඉදිරි ආරක්ෂක වළල්ලට උතුරින් කිලෝ මීටර 1.5ක් පමණ ඈතින් පිහිටි ඉලක්ක වෙත මෙම ප්‍රහාර එල්ල කෙරිණි.

මිග් 24 යානා යොදා ගනිමින් භූමියේ සිටි භට පිරිස් වෙත සහාය දැක්වීමක් ලෙස ප්‍රහාර එල්ල කර ඇති අතර, මුළුමනින්ම එය සාර්ථක වූ බව ද ගුවන් නියමුවන් විසින් සනාථ කළ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

පෞද්ගලික අංශයේ වැටුප් සියයට 25කින් ඉහළට - දිනමිණ.lk

ඉහළ යන ජීවන වියදම හමුවේ ජනතාව මුහුණ දෙන ගැටලු අවම කිරීම සඳහා පෞද්ගලික අංශයේ වැටුප් වහාම කි‍්‍රයාත්මක වන පරිදි සියයට 15 සිට 25 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කැර ඇත.

මේ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ලබන සතියේ නිකුත් කිරීමට නියමිත බව කම්කරු සබඳතා හා මිනිස් බල ඇමැති අතාවුද සෙනෙවිරත්න මහතා ඊයේ (25) දිනමිණට පැවසීය. වැඩි විස්තර....

කොටි ග‍්‍රහණයෙන් කි. මීටර් 24ක් අල්ලාගනිමින් 57 සේනාංකය වවුනියා දිසා සීමාවෙන් ඉදිරියට - දිනමිණ.lk

වන්නි මෙහෙයුමේ තවත් තීරණාත්මක කඩ ඉමක් ලකුණු කරවමින් යුද හමුදාව ගෙවී ගිය සතියේ වවුනියා/මුලතිව් දිස්ති‍්‍රක් සීමාව පසු කරමින් මුලතිව් දිසාවට පිවිසියේ ය.

වවුනියාව - මන්නාරම මාර්ගයට සමාන්තරව හිඳිමින් මෙහෙයුම් ඇරැඹූ 57 වන සේනාංකය ඉකුත් සතියේ වවුනියා දිසා මායිම ඉක්මවා යමින් මුලතිව් දිසාවට පිවිසුනේ එල්. ටී. ටී. ඊ. පාලනය යටතේ පැවැති කිලෝ මීටර් 24 ක පමණ දුරක් අත්පත් කර ගනිමිනි. වැඩි විස්තර....

යුද හමුදාවට අලුත් සේනාංකයක් - දිනමිණ.lk

වන්නි යුද පෙරමුණට තවත් අලුත් සේනාංකයක් එක් කරමින් 61 වන සේනාංකය පිහිටුවීමට යුද හමුදාව සැරසෙයි.

අලුත් සේනාංකය පිහිටුවීමේ කටයුතු මේ වන විට බොහෝ දුරට අවසන් බව වාර්තා වෙයි. 61 වන සේනාංකය පිහිටුවීමත් සමඟ වත්මන් රජය යටතේ යුද හමුදාවේ අලුතින් ස්ථාපිත සේනාංක ගණන හතරක් දක්වා ඉහළ නගී. වැඩි විස්තර....

තවත් කාල බෝම්බයක් නුවරින් සොයාගැනේ - defence.lk

අද (මැයි 25) උදෑසන මහනුවර, වත්තේගම ප්‍රදේශයේ මැදවල මංසධියේ පිහිටි විදුලි උත්පාදක යන්ත්‍රයක් අසල අටවා තිබු කාල බෝමිබයක් සොයාගැනීමට වත්තේගම පොලිසි‍යේ රාජකාරියේ යෙදීසිටි පොලිස් සාමාජිකයන් පිරිසකට හැකිවී ඇත.

ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානය පවසන පරිදි ව්මසිලිමත් සිවිල් වැසියෙකුගෙන් පොලීසියට ලද තොරතුරක් අනුව අද උදෑසන 9.20 ට පමණ මෙම බෝමිබය සොයාගැනීමට හැකිවී තිබේ. පසුව මෙම බෝමිබය යුද හමුදා බෝමිබ නිෂ්ක්‍රිය අංශය විසින් නිෂ්ක්‍රිය කිර ඇත. මෙහි බර ප්‍රමාණය ක්‍රි:ග්‍රෑ 01 පමණ වන බව වාර්ථා සදහන් කරයි.

මෙම බෝමිබය සොයාගැනීමත් සමග දින දෙකක් ඇතුලත සොයාගත් තෙවන බෝමිබය මෙය වන අතර ඊයේ (මැයි 24) දිනය තුලදී ඵල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් සිවිල් වැසියන් ඉලක්ක කර විශාල මනුෂ්‍ය සංහාරයක් සිදුකිරීමේ අරමුණින් අටවා තිබු කාල බෝමිබ 02කක් ගනේමුල්ල සහ මොරටුව ප්‍රදේශයේදී සිවිල් වැසියන් දෙදෙනෙකුගේ ව්මසිලිමත්කම හේතුවෙන් සොයාගැනීමට හැකිවිය.

මේ සමිබන්ධව වත්තේගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මොරටුවේදී සිවිල් වැසියන් ඉලක්ක කර තැබූ බස් බෝම්බයක් සොයාගනී. - defence.lk

මොරටුවේදී සහ ගනේමුල්ල ප්‍රදේශයන් හි සිවිල් වැසියන් ඉලක්ක කරමින් ඊයේ (මැයි 24) පිපිරවීමට සූදානම් කර තිබූ බස් බෝම්බ 02ක් සොයා ගැනීමට හැකි වූ බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි.
ආරක්ෂක වාර්තා සඳහන් කරන අන්දමට ඊයේ දිනය තුල හමුවූ දෙවෙනි බස් බෝම්බය වන මෙය කි.ග්‍රෑ. 03 ක් පමණ බරින් යුක්ත වන අතර, එය කොළඹ සිට මොරටුව දක්වා මගීන් ප්‍රවාහනය කරන බස් රථයක තිබී රාත්‍රී 8 ට පමණ සොයා ගෙන ඇත. හිමිකරුවකු නොමැති පාර්සලයක් බස් රථයේ තිබෙනු දුටු මඟීන් ඒ සබැඳිව බස් රථයේ කොන්දොස්තර වරයා දැනුවත් කර ඇත. වහා ක්‍රියාත්මක වූ බ‍ස් රථයේ කේන්දොස්තර වරයා බසය රාවතාවත්ත ප්‍රදේශයේ නවත්වා මගීන් බස් රථයෙන් ඉවත් කර අංක 119 හදිසි සේවා අංශයට දුරකතන ඇමතුමක් දී මේ බව දන්වා ඇති බව ව‍ාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.
යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය වහාම එම ස්ථානයට පැමිණ කාල බෝම්බය සහිත පාර්සලය නිෂ්ක්‍රීය කර ඇත.

සිවිල් වැසියන් ඉලක්ක කර තැබූ බෝම්බයක් ගනේමුල්ලේ දී සොයා ගනී - defence.lk

කොස්සින්න ගනේමුල්ල ප්‍රදේශයේ බස් රථයක තිබූ කි.ග්‍රෑ 1.25 ක පමණ බර කාල බෝම්බයක් පොලිස් විශේෂ කාර්යය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය මඟින් අද (මැයි 24) සවස නිශ්ක්‍රීය කරන ලදි. ආරක්ෂක අංශ පවසන ආකාරයට හිමිකරුවෙක් නොමැති පාර්සලය දුටු බස් රථයේ කොන්දොස්තරවරයා එය කොස්සින්න ප්‍රදේශයේ පාළු ස්ථානයකට විසිකර ඒ සබැඳිව පොලිස් විශේෂ කාර්යය බළකා සෙබළුන්ට දන්වා තිබේ.
මෙම බෝම්බය හමුවී ඇත්තේ කොළඹ සිට පරකන්දෙනිය දක්වා පිටත් වූ බස් රථයකය. මේ අවස්ථාවේ දී බස් රථය තුල මඟීන් නොසිටි අතර, කොන්දොස්තර වරයා බස් රථයේ අසුනක් යට තිබී මෙම පාර්සලය දැක ඇති බව වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.

Saturday, May 24, 2008

වන්නි මෙහෙයුම - 2008.05.22 - Defence.lk

සංස්ථාව ඩීසල් මිල වැඩි කළොත් බස් ගාස්තු 25%කින් ඉහළට - දිනමිණ.lk

සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඩීසල් මිල වැඩි වුවහොත් දැනට පවතින මිලටම ඩීසල් ලබාදෙන ලෙස හෝ බස් ගාස්තුව සියයට 25 කින් වැඩිකර දෙන ලෙස හෝ ඉල්ලීමේ යෝජනාවක් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ විධායක සභාව ඊයේ (23) සම්මත කරගත් බව එහි සභාපති ස්ටැන්ලි ප‍්‍රනාන්දු මහතා කීවේය.

එසේ ලබා නොදෙන්නේ නම් බස් ධාවනය නවතන බවද ඒ මහතා කීය. වැඩි විස්තර....

කොටි බෝම්බ නායකයා හතක් සමඟ මරුට - දිනමිණ.lk

කිලිනොච්චි සහ මුලතිව් අතරමැදි ප‍්‍රදේශයක දී පෙරේදා (22) සිදුවූ පිපිරුමකින් කොටි සංවිධානය බෝම්බ අංශයේ නාකයකු ඇතුළු අටදෙනකු මරණයට පත්ව තිබේ.

ට‍්‍රක් රථයකින් ගමන් කරමින් සිටින අවස්ථාවේ මේ සිද්ධියට ලක්ව ඇති බවත්, ට‍්‍රක් රථය තුළ බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය ප‍්‍රවාහනය කරමින් තිබූ බවත් හමුදා බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත. වැඩි විස්තර....

එල්.ටී.ටී.ඊ. පාලන මධ්‍යස්ථානයට ගුවන් ප්‍රහාර - මන්නාරම - News.lk

අද (මැයි 23) දින එල්.ටී.ටී.ඊ.යේ පාලන මධ්‍යස්ථානයකට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානා උපයෝගී කර ගනිමින් ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇත. මන්නාරම - පරප්පකඩත්තාන් ප්‍රදේශයේදී මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ විජේසූරිය මහතා ප්‍රකාශ කරන පරිදි උදෑසන 7.40 ට පමණ ප්‍රහාරය එල්ල කර ඇති අතර, ප්‍රදේශයේ මෙහෙයුම් වල නිරත පාබල හමුදා භට පිරිස් වලට සහාය ලබාදීම මෙහි අරමුණ විය. ප්‍රහාරය සාර්ථක වූ නමුත් එහිදී ත්‍රස්තවාදීන්ට සිදුවූ අලාභ හානි පිලිබඳව තව දුරටත් තහවුරු කරගත යුතුව ඇතැයි වින්ග් කමාන්ඩර් විජේසූරිය මහතා වැඩි දුරටත් පැවසීය.

ගුවන් ප්‍රහාරයෙන් කොටි බෝට්ටු තිප්පල සුන් - News.lk

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සුෆර් සොනික් ප්‍රහාරක ජෙට් යානා විසින් අද (මැයි 23) දින එල්.ටී.ටි.ඊ.යේ බෝට්ටු සඟවා තබනු ලබන තිප්පලක් වෙත ප්‍රහාරයක් සිදු කරනු ලැබ ඇත.

ගුවන් හමුදා ආරංචි මාර්ග සඳහන් කරන පරිදි චුන්දුකුලම් වෙරළ තීරයේ තුන්ඩිකුලම් ප්‍රදේශයට වන්නට මෙම තිප්පල පිහිටා තිබූ බව පැවසේ. පස්වරු 2 ට පමණ සිදු කර ඇති මෙම ප්‍රහාරය නාවික හමුදා මුර සංචාරයන් විසින් ලබා දෙන ලද නිවැරිදි ‍බුද්ධි තොරතුරු පදනම් කර ගෙන සිදු කරන ලද ප්‍රහාරය හේතුවෙන් එහි තිබූ බෝට්ටු විනාඩි 15 කට අධික ප්‍රමාණයක් ගිනිගෙන ඇවිලෙණු දැක ගැනීමට හැකි වූ බව ප්‍රහාරය දියත් කල නියමුවන් පවසයි.

Friday, May 23, 2008

පරප්පකඩත්තාන් කොටි ඉලක්කයකට ගුවන් ප්‍රහාර - News.lk

මන්නාරම පරප්පකඩත්තාන් ප්‍රදේශයේ පිහිටි එල්ටීටීඊ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඉලක්ක කොට ගුවන් හමුදාවේ ප්‍රහාරක ගුවන් යානා මඟින් අද (23) ප්‍රහාර එල්ල කළ බව ගුවන් හමුදාව පවසයි. මන්නාරම ඉදිරි ආරක්ෂක වළල්ලේ ගොඩබිම් මෙහෙයුම්වල නිරත හමුදා භට පිරිස් සඳහා සහය වනු පිණිස මේ ගුවන් ප්‍රහාරය අද පෙරවරු 7.40ට පමණ එල්ල කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ විජේසූරිය මහතා පවසයි. ප්‍රහාරවල ඉලක්ක සාර්ථක වූ බව ද ගුවන් නියමුවන් සනාථ කර ඇත.

කොටුව බෝම්බ ප‍්‍රහාරයේ සුල මුල හෙළිවේ -දිනමිණ.lk

යතුරු පැදියට කොටි මුදල් දුන් බව අයිතිකරු ජෙයබාල් කියයි

කොළඹ ලෝටස් පාරේ හිල්ටන් හෝටලය ඉදිරිපිට මරාගෙන මැරෙන ප‍්‍රහාරයට යොදා ගත් යතුරු පැදිය මිලදී ගැනීමට මුදල් දුන්නේ කොටි සංවිධානය බව යතුරු පැදියේ හිමිකරු ප‍්‍රකාශ කර තිබේ.
දැනට අත්අඩංගුවේ සිටින ති‍්‍රකුණාමලයේදී අසු වූ ජෙයබාල් නමැත්තා ප‍්‍රකාශ කර ඇති පරිදි යතුරු පැදිය මිලදී ගැනීමට කොටි සංවිධානය එහි වටිනාකම මෙන් දෙගුණයක් මුදල් ලබා දී ඇත. වැඩි විස්තර....

Thursday, May 22, 2008

හකීම්ගෙන් පිල්ලයාන්ට කණස්සල්ල - විමසුම.com

හකීම් 04 දා පළාත් සභාවේ දිවුරුම් දෙයි
මැයි,22,(විමසුම) – ද්‍රවිඩ මුස්ලිම් ගැටුමක් මින් ඉදිරියට ඇති නොවීමට තමන් හැකි උපරිම අයුරින් කටයුතු කරන බව, නැගෙනහිර මහ ඇමති පිල්ලයාන් මහතා තමන්ට සහතික වූ බව මුස්ලිම් කොංග්‍රස් නායකයා පවසයි. වැඩි විස්තර......

පිල්ලයාන් පිළේ ප්‍රබල‍යෙකු ඝාතනය කෙරේ - විමසුම.com

මුස්ලිම්, පිල්ලයාන් ගැටුම් ඇවිලේ
මැයි,22,(විමසුම) – අද දහවල් කාන්තන්කුඩි ප්‍රදේශයේ සිදු වූ පිල්ලයාන් පිළේ සාමාජිකයින් දෙදෙනා‍ගේ ඝාතනය නිසා හටගත් මුස්ලිම්, පිල්ලයාන් ගැටුමකින් පුද්ගලයන් 04 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි. වැඩි විස්තර......

1960 සිට, හිඟබදු අයකර ගැනීමට පනතක් එයි - විමසුම.com

අදාළ පනත, මේ දිනවල මුදල් අමාත්‍යංශය කෙටුම්පත් කරයි
මැයි,22,(විමසුම) – 1960 ගණන්වල සිට නොගෙවූ හිඟ බදු අයකර ගැනීමට අදාළ පනත් කෙටුම්පතක් මේ දිනවල මුදල් අමාත්‍යංශය කෙටුම්පත් කරමින් සිටින බව, අනාවරණය වේ. වැඩි විස්තර......

බැරලයක් ඩොලර් 134 යි. තෙල්මිල තරු පෙන්වයි - විමසුම.com

තෙල් අර්බුදය දිනෙන් දින උග්‍රවේ
මැයි,22,(විමසුම) – ඉතිහාසයේ වාර්තා වූ වැඩිම මිල වාර්තා කරමින් බොරතෙල් බැරලයක මිල ඩොලර් 134 සීමාවට පැමිණ ඇත.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම වාර්තාගත මිල වැඩිවීමට, ඇමරිකානු ඩොලරය අනිකුත් මුදල් ඒකක වලට සාපේක්ෂව බාල්දු වීමත් ඇමරිකානු ඛනිජ තෙල් තොග අඩුවීමත් හේතුවී තිබෙන බවයි. වැඩි විස්තර......

හිස්බුල්ලා නැඟෙනහිර පළාත් අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දෙයි - news.lk

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා මීට සුළු මොහොතකට පෙර නැඟෙනහිර පළාත් අමාත්‍යවරයෙකු ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ඒ අනුව සෞබ්‍ය හා දේශීය වෛද්‍ය, ක්‍රීඩා, තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය, සමාජ සුබසාධන, පරිවාස හා ළමා රක්ෂණ සේවා, වනිතා කටයුතු, සමුපකාර සංවර්ධන, යෞවන කටයුතු, ආහාර හා සැපයුම් බෙදාහැරීමේ නැඟෙනහිර අමාත්‍යවරයා ලෙස ඒ මහතා පත් කෙරේ. වැඩි විස්තර....

වන්නි මෙහෙයුම් තව දුරටත්, වැලිඔය සටන් බිමේදී කොටි 17 ක් මරුට - Defence.lk

වැලිඔය යුද පෙරමුණේ ඊයේ (මැයි 21) දිනය තුලදී යුද හමුදාව සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් අතර හට ගත් ගැටුම් හේතුවෙන් කොටි ත්‍රස්තවාදීන් 17 දෙනෙකු මිය ගොස් ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

වැලිඔය පෙරමුණේ ඉදිරියට ඇදෙන භට පිරිස් ජානකපුර උතුරු ප්‍රදේශයේ පිහිටි ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂක බංකර් පෙළකට ප්‍රහාර එල්ල කර විනාශ කොට තිබේ.මෙහිදී යුද හමුදාව සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් අතර දරුණු ගැටුම් ඇවිළී ගිය බව වාර්තා සඳහන් කරයි. සවස 2.20 ට පමණ ඇතිවූ මෙම ගැටුමේදී ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂක වළල්ල බිඳ දැමීමටත් ත්‍රස්තවාදීන් 7 දෙනෙකු මරා දැමීමටත් භට පිරිස් සමත් විය. වැඩි විස්තර....

පිල්ලෙයාන් තුවක්කුව අත හැරීම සුබ ලකුණක් - අස්ගිරි මහ නාහිමියෝ කියති - දිනමිණ.lk

එජාපය නැ’හිරට පය ගැහුවේ ආණ්ඩුව කොටි පැන්නූ නිසයි
අස්ගිරි මහ නාහිමියෝ කියති
නැඟෙනහිර මැතිවරණය සම්බන්ධයෙන් අද එජාපය කුමන චෝදනා එල්ල කළත් ඔවුන්ට එම පළාතට අඩියක් හෝ තබන්නට හැකි වූයේ රජය එල්. ටී. ටී. ඊ. ග‍්‍රහණයෙන් නැ‍ෙඟනහිර මුළුමනින්ම මුදාගෙන මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය වාතාවරණය එහි ඇති කිරීම නිසා බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ‍්‍රී බුද්ධරක්ඛිත මාහිමියෝ පැවසූහ. වැඩි විස්තර....

ශ්‍රී ලංකාව ජනරජයක් වී අදට වසර 36 යි - විමසුම.com

මැයි,22,(විමසුම) –ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වී අදට වසර 36ක් සපිරේ.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට පැවති බැඳීම් සියල්ල බිඳ දමමින්, ශ්‍රී ලංකාව ස්වෛරී ස්වාධීන ජනරජයක් බවට පත් කළ 1972 නව ජනරජ ව්‍යවස්ථාව බිහි වූයේ මීට වසර 36කට පෙරාතුව අද වැනි දිනකයි. වැඩි විස්තර......

LIOC,ඩීසල් රුපියල් 20 කින් ඉහළ දමයි - විමසුම.com

අද මධ්‍යම රාත්‍රියේ සිට LIOC ඩීසල් ලීටරයක් රුපියල් 100 යි
මැයි,21,(විමසුම) – අද මධ්‍යම රාත්‍රීයේ සිට, ඩීසල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ දැමීමට‍ ලංකා ඉන්දීය තෙල් සමාගම තීරණය කරයි. වැඩි විස්තර......

එ.ජා. මානව හිමිකම් කවුන්සලයෙන් ලංකාව දොට්ට - විමසුම.com

ලංකාවට ලැබුණේ ඡන්ද 101 ක් පමණයි
මැයි,21,(විමසුම) – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සාමාජිකත්වයට නැවතත් පත්වීමට ලංකාවට තිබූ අවස්ථාව අහිමිවේ.

මේ සඳහා පැවති ඡන්ද විමසීම අද රාත්‍රී ඇමරිකාවේ නිව් යෝර්ක් නුවරදී අවසන් වූ බවත්, එහිදී ආසියාව වෙනුවෙන් වෙන්වූ ආසන 04 සඳහා ලංකාව ඇතුළත් වීමට අසමත් වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කියයි. වැඩි විස්තර......

ඉවත්වන බවට,අගවිනිසුරු ගෙන් රතු එළියක් - විමසුම.com

අධිකරණ සේවයට රජය දක්වන සැලකිල්ල ගැන, සතුටු විය නොහැකි බව, අගවිනිසුරු පවසයි
මැයි,21,(විමසුම) – අධිකරණ විනිසුරුවරුන්ගේ වැ‍ටුප් කප්පාදු කරමින් ඔවුන්ට නිග්‍රහ වන ආකාරයෙන් රජය ක්‍රියාකරන්නේ නම් තමා අගවිනිසුරු ධූරයෙන් ඉවත්වන බව, අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා කියයි. වැඩි විස්තර......

නව පොලිස්පති ජයන්ත වික්‍රමරත්න? - විමසුම.com

මැයි,21,(විමසුම) – සැට විය සපිරුණු පොලිස්පති වික්ටර් පෙරේරා මහතා මෙම ‍ජුලි 01 දා විශ්‍රාම යාමට නියමිතය.

ජ්‍යෙෂ්ඨත්වය අනුව මීළඟ පොලිස්පති ධූරයට හිමිකම් කිව යුත්තේ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජයන්ත වික්‍රමරත්න මහතා වන අතර හෙතෙම වර්තමාන පොලිස්පතිවරයා සමඟ සමකාලීනව පොලිස් සේවයට බැඳුනෙකි.

Wednesday, May 21, 2008

වන්නි මෙහෙයුම - 2008.05.17 - Defence.lk

මහින්ද චන්ද්‍රිකාවක් යවන්න සූදානම් වෙයි - විමසුම.com

මැයි,18 (විමසුම) – ශ්‍රීමත් ආතර් සී ක්ලාර්ක් මහතාගේ නමින් තොරතුරු සන්නිවේදන චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීමට ශ්‍රී ලංකාව සූදානම් වෙයි.

ඊයේ දිනට යෙදී තිබුණු ලෝක සන්නිවේදන දිනය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ පැවති සාකච්ඡාවක දී මේ බව අනාවරණය විය. වැඩි විස්තර......

අධි බල සන්නිවේදන උපකරණ සමඟ කොටි දෙදෙනෙක් ඉන්දියාවේදී දැලේ - Defence.lk

එල්.ටී.ටී.ඊ. සංවිධානය සඳහා පුපුරන ද්‍රව්‍ය සහ ඉලෙක්ට්‍රොනික් උපකරණ සපයමින් සිටි දෙමළ ජාතිකයෝ දෙදෙනෙක් ඉන්දීය බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඉන්දීය බුද්ධි අංශ ‘කිව්’ ශාඛාවේ නිලධාරීන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරමේ පදිංචිව සිටි පී. ජෙයරාජා හෙවත් විජි හෙවත් විජයන් (28) සහ ටී.චින්නවන් හෙවත් පද්මරාජා (27) යන දෙදෙනායි. වැඩි විස්තර....

වන්නි ගැටුම් වලින් කොටි 12 ක් මරුට. 21 කට තුවාල - Defence.lk

මෑතකදී වව්නියාව යුද පෙරමුණේ මෙහෙයුම්හි නිරත ආරක්ෂක අංශ විසින් මුදා ගත් ප්‍රදේශයක් වන පාලම්පිඩ්ඩි ප්‍රදේශයට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් ඊයේ (මැයි 19) දින එල්ල කළ ප්‍රහාරයක් සාර්ථකව ව්‍යර්ථ කිරීමට යුද හමුදාව සමත් විය.
යුද හමුදා ප්‍රතිප්‍රහාර හමුවේ තම තුවාලකරුවන්ද රැගෙන ත්‍රස්තවාදීන් පලා ගිය බව වන්නි ආරංචි මාර්ග සඳහන් කරයි. ඊයේ දිනයේදී හටගත් වන්නි ගැටුම් වලදී කොටි ත්‍රස්තවාදීන් 21 දෙනෙකු මිය ගොස් 21 දෙනෙකු තුවාල ලැබූ බව ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි. වැඩි විස්තර....

සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයෙකුට බුත්තලදී වෙඩි ප්‍රහාරයක් - Defence.lk

බුත්තල - කතරගම ප්‍රධාන මාර්ගයේ 38 වන සැතපුම් කණුව අසල රාජකාරියේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයෙකුට ඊයේ (මැයි 19) රාත්‍රී 10.45 ට පමණ නන්නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබා ඇත. මෙම ප්‍රහාරයෙන් සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයා මිය ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඝාතනයට ලක් වූ පුද්ගලයා වයස අවුරුදු 26 ක් වන සුමිත් සංජීව ලෙස හඳුනා ගෙන ඇත. මොහු බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කළ අයෙකි. වැඩි විස්තර....

විදෙස් අමාත්‍යවරයා මොරොක්කෝවේ නිල සංචාරයක - news.lk

පසුගිය දා මොරොක්කෝ රාජ්‍යයේ නිල සංචාරයකට එක් වූ විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා මොරොක්කෝ රාජ්‍යයේ අග්‍රාමාත්‍ය අබ්බාස් අල් ෆස්සී මහතා සමඟ දෙරටේ ද්වීපාර්ශවීය සබඳතා පිළිබඳ ව එහි අගනුවර වූ රබාට් හිදී සාකච්ඡා පැවැත් වූ බව එරටින් වාර්තා වේ. මෙතෙක් මොරොක්කෝ රාජ්‍යයට ශ්‍රී ලංකාවෙන් නිල සංචාරයකට සහභාගී වූ ප්‍රථම ඉහළ පෙළේ රාජ්‍ය අමුත්තා ලෙස රෝහිත බෝගොල්ලාගම මහතා ව අග්‍රාමාත්‍ය අබ්බාස් අල් ෆස්සී මහතා විසින් ඉතා උණුසුම් ලෙස මොරොක්කෝ රාජ්‍යය වෙනුවෙන් පිළිගන්නා ලද බව ද වාර්තා වේ. වැඩි විස්තර....

අග්නිදිග ආසියාවේ විශාලතම ප‍්‍රසාංග කලා රඟහල ලංකාවේ - දිනමිණ.lk

සිනමාව, නාට්‍යය, ඇතුළු කලා ක්ෂේත‍්‍රයේ විවිධ අංග ගණනාවකට පහසුකම් සැලසෙන අග්නිදිග ආසියාවේ විශාලතම ජාතික ප‍්‍රසාංග කලා රඟහල ශී‍්‍ර ලංකාවේ ඉදි කෙරෙයි.

රුපියල් මිලියන 2430 ක චීන ආධාර යටතේ ඉදිකිරීමට සැළසුම් කොට ඇති මෙම ජාතික ප‍්‍රසාංග කලා රඟහල සඳහා මෙම 23 දින කොළඹ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් මුල්ගල තැබේ. වැඩි විස්තර....

කොළඹ වාහන තදබදය මඩින්න ගුවන් පාලම් 16ක් කඩිනමින්

නගරාන්තර මාර්ග තදබදය අවම කිරීම සඳහා කොළඹ නගරය අවට ගුවන් පාලම් දහසයක් කඩිනමින් ඉදිකිරීමට රජය තීරණය කරයි.

ඒ සඳහා බි‍්‍රතාන්‍ය රජයෙන් රුපියල් කෝටි 10750 ක ණය ආධාර ශ‍්‍රී ලංකා රජයට ලබා දී ඇතැයි, වැඩබලන මහාමාර්ග හා මාර්ග සංවර්ධන ඇමැති ටී. බී. ඒකනායක මහතා ප‍්‍රකාශ කෙළේය. වැඩි විස්තර....

කොළඹ බෝම්බ කොටියාගේ හැඳුනුම්පත හැදූ හැටි සොයයි - දිනමිණ.lk

කොළඹ කොටුවේ සම්බුද්ධාලෝක විහාරස්ථානය අසලදී සිකුරාදා පුපුරා ගිය මරාගෙන මැරුණු කොටි ත‍්‍රස්තවාදියාගේ ව්‍යාජ හැඳුනුම්පත සකස් කළේ කෙසේද යන්න පිළිබඳව පුළුල් පොලිස් පරීක්‍ෂණ පැවැත්වේ.


වැල්ලවත්ත ප‍්‍රදේශයේ ලිපිනයක පදිංචි මුස්ලිම් ජාතිකයකුගේ නමට මෙම ව්‍යාජ හැඳුනුම්පත සකස් කර ඇති අතර එහි සඳහන් ලිපිනය හෝ සඳහන් නම ව්‍යාජ එකක් බව පරීක්‍ෂණ කණ්ඩායම්වලට තහවුරු වී තිබේ. වැඩි විස්තර....

Saturday, May 17, 2008

මහ ඇමැති පිල්ලෙයාන් - දිනමිණ.lk

දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ පැවැති යුද්ධය නිසා ද්‍රවිඩ ජනතාවට අහිමි වු අභිලාශයන් මුදුන් පත් කර ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ පියවර තැබීමට සූදානම් බව නැඟෙනහිර පළාත් ප‍්‍රථම මහ ඇමැතිවරයා ලෙස දිවුරුම් දුන් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) මහතා ඊයේ (16) පැවසීය.

තේරුමක් නොමැති යුද්ධයක් නිසා සී සීකඩ වී විසිරී සිටින ද්‍රවිඩ ජනතාව ඒකරාශි කිරීමට මෙවන් මහඟු අවස්ථාවක් ලබා දුන් ජනාධිපතිවරයාට සමස්ත දෙමළ ජනතාවගේම ප‍්‍රණාමය හිමි වන බවත් ඒ මහතා පැවසීය.
වැඩි විස්තර....

පිල්ලයාන් මහඇමති ලෙස දිවුරුම් දේ - විමසුම.com

මැයි,16,(විමසුම) –(දෙවන සංස්කරණය) නැගෙනහිර පළාත් සභාවේ පළමු මහ ඇමතිවරයා ලෙස, සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් මහතා අද සවස දිවුරුම් දුන්නේය.

මෙම දිවුරුම්දීම අද සවස 6.00 ට පමණ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා‍ ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවූ බව, ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි. වැඩි විස්තර......

Friday, May 16, 2008

හිස්බුල්ලා වෙනම කණ්ඩායමක් හදයි - විමසුම.com

සන්ධානයට නැගෙනහිර බහුතරය නැතිවන ලකුණු
මැයි,16,(විමසුම) - සන්ධානයෙන් තේරුණු එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා හා තවත් මුස්ලිම් මන්ත්‍රීවරු දෙදෙනෙකු වෙනම කණ්ඩායමක් ලෙස නැගෙනහිර පළාත් සභාවේ කටයුතු කිරීමට සූදානම්වේ. වැඩි විස්තර......

නැඟෙනහිර පළාත් සභාවේ ඇමතිවරුන් අද දිවුරුම් දෙයි - news.lk

නැඟෙනහිර පළාත් සභාවේ මහඇමතිවරයා සහ සෙසු අමාත්‍යවරුන් අද (16) සවස 4.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.
නැඟෙනහිර පළාත් සභාව සඳහා මහ ඇමතිවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් පත් වන පළමු අවස්ථාව මෙය වේ. වසර 20කට පසුව පැවති පළාත් සභා මැතිවරණයෙන් රජයේ අපේක්ෂකයින් 20 දෙනෙක් මෙම පළාත් සභාවට තේරී පත් ව සිටිති. වැඩි විස්තර......

කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය අසල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් 9 ක් මරුට, 95 කට තුවාල - Defence.lk

අද (මාර්තු 16) දහවල් 12.05 ට පමණ කොළඹ ලෝටස් පාරේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය අසල මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුව ඇත. මෙහිදී පොලීසියේ 7 දෙනෙක් ඇතුළු 9 දෙනෙක් මිය ගොස් ඇති අතර සිවිල් වැසියන් 62 ක්, හමුදා සාමජිකයන් 3 ක් හා පොලීසියේ 30 දෙනෙක් තුවාල ලබා ඇත. වැඩි විස්තර......

කොටුවේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් - විමසුම.com


07 ක් මරුට. 90 කට වැඩි පිරිසක් තුවාල ලබයි
මැයි,16,(විමසුම) – පොලිස් නිළධාරීන් රැගත් බස් රථයක් ඉලක්කර, කොළඹ, කොටුව සම්බෝධී විහාරය අසළදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව, ආරක්ෂක අංශ කියයි. වැඩි විස්තර....

ලේක් හවුස් වටරවුම අසල බෝම්බ පිපිරුමක් - Defence.lk

ලේක්හවුස් වටරවුම අසල ‍ අද (මැයි 16) දහවල් 12 ට පමණ බෝම්බ පිපිරුමක් සිදුවී ඇත.
වැඩි විස්තර පසුවට

පිල්ලයාන්, අද සවස මහඇමති වෙයි - විමසුම.com

හිස්බුල්ලා ඉවතට
මැයි,16,(විමසුම) – ආන්දෝලනයකට බඳුන් වී තිබුණු නැගෙනහිර මහඇමති ධූරයේ අද සවස සිව‍නේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් දිවුරුම් දේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ නිළධාරියෙකු “විමසුම” ට සඳහන් කළේ අද සවස 4.00 ට මෙම දිවුරුම්දීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ සිදු කිරීමට නියමිත බවයි. වැඩි විස්තර....

කොළඹ-මහනුවර නගරාන්තර දුම්රියට පළමු පන්තියේ චීන මැදිරි - දිනමිණ.lk

පළමු පන්තියේ වෙන්කළ ආසන සහිත චීන මැදිරි එක්කළ නගරාන්තර දුම්රිය සේවයක් අද සිට කොළඹ කොටුව - මහනුවර සහ මහනුවර - කොළඹ කොටුව අතර ධාවනය කෙරේ. වැඩි විස්තර....

ආයුධ සන්නද්ධ දෙදෙනෙක් කැටපෙආරච්චි ගේ නිවෙසට රිංගති - දිනමිණ.lk

නිවෙසට වෙඩි: ජවිපෙ ලියකියැවිලි අරන් යති

පේෂකර්මාන්ත අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් සම්පත් කැටපෙආරච්චි මහතාගේ රාජගිරියේ පිහිටි නිවෙසට ඊයේ (15) අලුයම ඇතුළු වූ ආයුධ සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු ඒ මහතට මරණ තර්ජන එල්ල කැර නිවෙසේ තිබූ ලියකියවිලි කිහිපයක් පැහැර ගෙන ගොස් තිබේ. වැඩි විස්තර....

තීන්ත ටින් තුළ යකඩ බෝල දමා උතුරට යැවීමේ මහා ජාවාරමක් - දිනමිණ.lk

ව්‍යාපාරිකයා දෙමළ ජාතිකයෙක්-ලොරිවලින් කොටි බදු අය කරන්නෙත් නෑ

පෑලියගොඩ ප‍්‍රදේශයේ තාර සහ තීන්ත නිෂ්පාදන ආයතනයක් සිදුකළ තීන්ත ටින් තුළ දමා බෝම්බ නිෂ්පාදනයට ගන්නා යකඩ බෝල උතුරට යැවීමේ මහා ජාවාරමක් පිළිබදව කොළඹ ත‍්‍රස්ත විමර්ශන ඒකකය සහ රහස් පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.. වැඩි විස්තර....

එල්.ටී.ටී.ඊ. ය අපොස සා.පෙළ අසමත් ළමුන් බලෙන් බඳවා ගැනීම අරඹයි - Defence.lk

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්ක දෙකෙහි පසුගිය අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට අසමත් වූ ළමුන්ව බලහත්කාරයෙන් තම සංවිධානයට බඳවා ගන්නා බවට ආරක්ෂක බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ගෙන ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා අද (14) ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති ආරක්ෂක මාධ්‍ය හමුවේ දී පැවසීය. වැඩි විස්තර....

කොටි සන්නද්ධ කඳවුරකට ගුවන් ප්‍රහාර - Defence.lk

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා විසින් අද (මැයි 15) දින නයාරු ප්‍රදේශයේ ත්‍රස්තවාදී සන්නද්ධ කඳවුරක් වෙත ප්‍රහාරයක් එල්ල කර ඇත. වැඩි විස්තර....

යුද හමුදාපති උතුරේ සංචාරයක - Defence.lk

යුද හමුදාපති, ලුතිනන් ජනරාල් සරත් ෆොන්සේකා මහතා විසින් අද (මැයි 15) දින යාපනය ප්‍රදේශයේ ආරක්ෂක තත්වය සමාලෝචනය කිරීමේ සංචාරයක නිරතව ඇත. හමුදා මූලස්ථානයේ උසස් නිළධාරීන් පිරිසක්ද මෙම සංචාරයට එක් වූ බව හමුදා මූලස්ථාන ආරංචි මාර්ග වාර්තා කරයි. වැඩි විස්තර....

මහඇමති පොරය ලිහන්න,අද තවත් සාකච්ඡාවක් - විමසුම.com

ජනපති සමග,සාකච්ඡාවට සන්ධානයෙන් තේරුණු නියෝජිතයින් එක්වේ
මැයි,16,(විමසුම) – නැගෙනහිර පළාත් සභාවේ මහඇමති ධූර ගැටලුව ලිහීමේ සාකච්ඡාවක් නැගෙනහිර පළාත් සභාවට තේරීපත්වූ සන්ධාන නියෝජිතයින් හා ජනාධිපතිවරයා අතර අද උදෑසන පැවැත්වීමට නියමිතය. වැඩි විස්තර....

Thursday, May 15, 2008

එල්ටීටීඊ කාන්තා මළසිරුරු පහක් හමුවේ - news.lk

වවුනියාවේ පෙරියමඩු ප්‍රදේශයේ යුද පෙරමුණේ ඊයේ පැය කීපයක් තිස්සේ එල්ටීටීඊය සහ යුද හමුදාව අතර ගැටුම් පැවති අතර එම ප්‍රහාරයෙන් මියගිය එල්ටීටීඊ සාමාජිකාවන් 5 දෙනෙකුගේ මළසිරුරු සොයාගෙන ඇතැයි ආරක්ෂක අංශ වාර්තා කරයි. උදෑසන 8.00 සිට සවස 2.00 පමණ දක්වා ත්‍රස්තවාදීන් සහ යුද හමුදාව අතර මේ ගැටුම් පැවතිණ. සෝදිසි මෙහෙයුමේ දී ටී-56 අවි 05ක්ද යුද හමුදාව විසින් සොයා ගෙන තිබේ. මෙම ගැටුම්වල දී එක් යුද හමුදා සාමාජිකයෙකු මියගොස් තවත් හමුදා සාමාජිකයෙකු තුවාල ලබා ඇත. වැඩි විස්තර....

මෘදුකාංග හොරකමින් ලංකාව දෙවැනි තැනට - විමසුම.com

ආසියාවේ වැඩිම හොර මෘදුකාංග භාවිතා කරන රට බංග්ලාදේශයයි
මැයි,15,(විමසුම) - ආසියානු පැසිෆික් කළාපයේ දෙවනුවට වැඩිම හොර පරිගණක මෘදුකාංග භාවිතා කරන රට ශ්‍රී ලංකාව බව අනාවරණය වේ. වැඩි විස්තර....

සිංහල අය නැතිව හිස්බුල්ලාට වැඩිපුර නෑ - සුසිල් ප්‍රේමජයන්ත - විමසුම.com

මැයි,15- නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමතිවරයා පත්කිරීම පිළිබඳ සන්ධානයේ අභ්‍යන්තර කරුණ නිවැරදිව විසඳන බව, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා කියයි. වැඩි විස්තර....

වන්නි මෙහෙයුම - 2008.05.13 - Defence.lk

වව්නියාවේ දරුණු ගැටුම, කොටින්ට බරපතල හානි - Defence.lk

වන්නි මෙහෙයුම් වල නිරත ආරක්ෂක හමුදා ඊයේ (මැයි 13) දිනය තුලදී ද එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් සිය ක්‍රියාන්විතයන් දියත් කළ බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි. දිනය තුලදී යුද හමුදාව සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් අතර හටගත් ගැටුම් වලින් කොටි ත්‍රස්තවාදීන් 11 දෙනෙකු මිය ගොස් 17 දෙනෙකු තුවාල ලබා ඇතැයි ආරක්ෂක වාර්තා සඳහන් කරයි. මීට අමතරව තවත් ත්‍රස්තවාදීන් 22 දෙනෙකු මිය යන්නට හෝ තුවාල ලබන්නට ඇතැයි විශ්වාශය පළ කරයි. වැඩි විස්තර....

පංචිකාවත්තට ත්‍රිකෝණ සංවර්ධන ව්‍යාපෘතියක් - news.lk

මෑත කාලයේ සිදු කෙරෙන විශාල ත ම නගර නිර්මාණ ව්‍යාපෘතිය ලෙසින් ඉදිවෙන පංචිකාවත්ත ත්‍රිකෝණ ව්‍යාපෘතිය අපේ රටේ නගර නිර්මාණ කේෂ්ත්‍රයේ ඉහළ ම ස්ථානයක් සනිටුහන් කරනු ලබන බවත්, මෙම නගර නිර්මාණ ව්‍යාපෘතිය වසර පහක් තුළ දී නිමකිරීමට අපේක්ෂා කරන බවත් නාගරික සංවර්ධන හා පූජා භූමි සංවර්ධන ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. වැඩි විස්තර....

අපොස සා.පෙළ අසමත් ළමයි එල්ටීටීඊයට බලෙන් බඳවා ගනී - බ්‍රිගේඩියර් උදය නානායක්කාර - news.lk

එල්ටීටීඊ සංවිධානය කිලිනොච්චි සහ මුලතිව් ප්‍රදේශවල පසුගිය අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට අසමත් වූ දරුවන් ඔවුන්ට දෙවැනි වර විභාගයට පෙනී සිටීමටවත් ඉඩ නොදී තම සංවිධානයට බලෙන් බඳවා ගන්නා බවට ආරක්ෂක බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා අද (14) කොළඹ පැවැති ආරක්ෂක මාධ්‍ය හමුවේ දී පැවසීය. වැඩි විස්තර....

පිල්ලයාන් ද? හිස්බුල්ලා ද?- තීරණය අද - විමසුම.com

මුස්ලිම් ඇමතිවරුන්ගේ ඉල්ලීම් නොතකා පිල්ලයාන් පත් කරන හැඩ
මැයි,15 (විමසුම) - නැගෙනහිර මහ ඇමතිවරයා ලෙස සිවනේෂ්වරන් චන්ද්‍රසේකරන් හෙවත් පිල්ලයාන් පත් කරනු ඇතැ’යි රජයේ ආරංචි මාර්ග පවසයි. වැඩි විස්තර....

ටිල්වින් හඳුන්නෙත්ති පොලිසියට - දිනමිණ.lk

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන විමල් වීරවංශ සහ ඒ. එච්. මුසාමිල් යන මහත්වරුන් ගේ වාහන තුනක් පැහැර ගැනීම සම්බන්ධයෙන් මිරිහාන පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධව ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා පක්ෂ මහ ලේකම් ටිල්වින් සිල්වා හා පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හදුන්නෙත්ති යන මහත්වරුන් මිරිහාන පොලිසියේ කොට්ඨාස විශේෂ වංචා විමර්ශන අංශයට ඊයේ (14) කැඳවා තිබිණි. වැඩි විස්තර....

Wednesday, May 14, 2008

වන්නි මෙහෙයුම් ඉදිරියට. කොටි ත්‍රස්තවාදීන් 11 ක් මරුට. 17 කට තුවාල. - Defence.lk

වන්නි මෙහෙයුම් වල නිරත ආරක්ෂක හමුදා ඊයේ (මැයි 13) දිනය තුලදී ද එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් සිය ක්‍රියාන්විතයන් දියත් කළ බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි. දිනය තුලදී යුද හමුදාව සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් අතර හටගත් ගැටුම් වලින් කොටි ත්‍රස්තවාදීන් 11 දෙනෙකු මිය ගොස් 17 දෙනෙකු තුවාල ලබා ඇතැයි ආරක්ෂක වාර්තා සඳහන් කරයි. මීට අමතරව තවත් ත්‍රස්තවාදීන් 22 දෙනෙකු මිය යන්නට හෝ තුවාල ලබන්නට ඇතැයි විශ්වාශය පළ කරයි. වැඩි විස්තර....

ජවිපෙට බලයට එන්න බැරි වුණේ බොළඳ වැඩ නිසා - විමසුම.com

මැයි,14 (විමසුම) - අවුරුදු 40කට අධික කාලයක් මුළුල්ලේ දේශපාලනය කළත් ජනතා විමුක්ති පෙරමුණට අද වන තුරු රාජ්‍ය බලය ලබා ගත නොහැකි වූයේ එහි නායකත්වයේ වරදින් බව විමල් පිළේ මහ ලේකම් නන්දන ගුණතිලක මහතා පවසයි. වැඩි විස්තර....

කලම්බෝ ඩොක්යාර්ඩ්ට තවත් යාත්‍රා ඇනවුමක් - විමසුම.com

මැයි,14, (විමසුම) - කලම්බෝ ඩොක්යාර්ඩ් සමාගමට, ඉන්දියාවේ ග්‍රේට්ෂිප් සමාගමෙන් ඉතාමත් මිල අධික යාත්‍රා දෙකක් නිපදවීමට ඇනවුම් ලැබේ. වැඩි විස්තර....

පාර්ලිමේන්තු බහු භාෂා වෙබ් අඩවිය විවෘත කෙරේ - News.lk

පාර්ලිමේන්තු බහු භාෂා වෙබ් අඩවිය වන www.parliament.lk අද (14) කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා අතින් පාර්ලිමේන්තු සංකීර්ණයේදී විවෘත කෙරිණි.
පාර්ලිමේන්තුව නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදන නියෝජන හා විධායක අධීක්ෂණ කාර්යයන් වඩා ඵලදායී හා කාර්යක්ෂම කිරීම සඳහා පාර්ලිමේන්තු වෙබ් අඩවිය නිර්මාණය විය. වැඩි විස්තර....

වාහන අවුලට උත්තර දෙන්න, ටිල්වින් පොලීසියට - විමසුම.com

පොලිස්පති දැනුවත් කර වීරවංශට එරෙහිව නීතිමය පියවර ගන්නා බව, ටිල්වින් කියයි. වැඩි විස්තර....

දුම්රිය වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවයි? - විමසුම.com

මැයි,14 (විමසුම) - දුම්රිය සේවකයන්ගේ සංකේත වැඩවර්ජනය මේ වන විට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව දුම්රිය සේවා වෘත්තිය සමිති ඒකාබද්ධ පෙරමුණ පවසයි. වැඩි විස්තර....

මියන්මාරයේ විපතට පත්වූවන්ට ශ්‍රී ලංකාවෙන් භාණ්ඩ ටොන් 16ක් - News.lk

මියන්මාරයේ ඇතිවූ “නර්ගීස්” සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් ජනතාවට සහාය වීම සඳහා ශ්‍රී ලංකාවෙන් ආධාර කිරීමට රජය තීරණය කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. වැඩි විස්තර....

එල්.ටී.ටී.ඊ. පාක්ෂික සංවිධාන තහනම් කරන්නැයි කොංග්‍රස් පක්ෂයෙන් ඉල්ලීමක් - Defence.lk

එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහාය දක්වන තමිල්නාඩු ප්‍රාන්තයේ ඊනියා දෙමළ සංවිධාන තහනම් කරන ලෙසත්, ත්‍රස්තවාදයට එරෙහිව යකඩ හස්තයක් මෙන් ක්‍රියා කරන ලෙසත් කොංග්‍රස් පක්ෂයේ තමිල්නාඩු සහායක ඩී.එම්.කේ. පක්ෂය ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලයි. ත්‍රස්තවාදය සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ හෝ වෙනත් ඕනෑම ස්ථානයක විවිධ නම්වලින් ක්‍රියාත්මක වන ජාතිවාදය සම්බන්ධයෙන් දැඩිව ක්‍රියා කළ යුතු බව ජ්‍යෙෂ්ඨ කොංග්‍රස් පක්ෂ නායකයෙකු වූ ඩී. සුදර්ශනම් මහතා ඉන්දීය රාජ්‍ය සැසියේදී අවධාරණය කර ඇත. වැඩි විස්තර....

කිලිනොච්චියේ කොටි පුහුණු කඳවුරකට ගුවන් ප්‍රහාර - Defence.lk

ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රහාරක ජෙට් යානා උපයෝගී කරගනිමින් කිලිනොච්චියේ පිහිටි එල්.ටී.ටී.ඊ. යේ ප්‍රධාන පුහුණු කඳවුරකට ගුවන් ප්‍රහාර එල්ල කර ඇත. අද (මැයි 14) උදෑසන 7.15 ත් 7.30 ත් අතර කාලයේදී ගුවන් ප්‍රහාර දියත් කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ විජේසූරිය මහතා පවසයි. වැඩි විස්තර....

වෙසක් නිමිත්තෙන් විශේෂ දුම්රිය - දිනමිණ.lk

වෙසක් උත්සවය නිමිත්තෙන් වන්දනාවේ යන බැතිමතුන්ගේ පහසුව සඳහා ශ‍්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මෙම 16 වැනිදා සිට 20 වැනිදා දක්වා විශේෂ දුම්රියන් ධාවනය කිරීමට කටයුතු යොදා ඇත. වැඩි විස්තර....

දුම්රිය සේවකයෝ අද සංකේත වැඩවර්ජනයක - දිනමිණ.lk

ඉල්ලීම් පිළිබඳව ඇමැතිතුමා යහපත් ස්ථාවරයක හිටියත් පාලකයන් පිළිබඳ අපගේ විශ්වාසය නැති බැවින් ඊට විරෝධය පාන්න අද (14) මධ්‍යම රාති‍්‍රයේ සිට එක් දින සංකේත වැඩ වර්ජනයක් කි‍්‍රයාත්මක කරන බව දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණේ ලේකම් සම්පත් රාජිත මහතා ‘දිනමිණ’ ට පැවසීය. වැඩි විස්තර....

මම සෑහීමට පත්වෙනවා - මැතිවරණ කොමසාරිස් - දිනමිණ.lk

නැඟෙනහිර පළාත් සභා මැතිවරණය නීත්‍යානුකූලව පැවැති බවට තමා සෑහීමකට පත්ව සිටින බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා කියයි. වැඩි විස්තර....

ඊපීඩීපී උපදේශිකාවක් ඝාතනය කෙරේ - ඊතලය.com

මැයි 13 - ඊපිඩීපී සංවිධානයේ උපදේශිකාවක වූ නීතිඥ මහේෂ්වරී වේලායුදන් මහත්මිය අද රාත්‍රී වෙඩි පහරකට ලක්ව මිය ගියාය. වැඩි විස්තර....

හකීම්, නැවතත් පාර්ලිමේන්තුවට - විමසුම.com

තීරණයට ලබන සතියේ මුස්ලිම් කොංග්‍රස් උත්තරීතර මණ්ඩලය රැස්වේ
මැයි,14,(විමසුම) – මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට සූදානම් වනබව අනාවරණය වේ. වැඩි විස්තර....

වීරවංශගේ ඔටුන්න අද සිට - විමසුම.com

මැයි,14, (විමසුම) - ජාතික නිදහස් පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් බිහිකළ විමල් වීරවංශ පාර්ශවයේ ප්‍රථම නියෝජිත මහ සමුළුව අද පැවැත්වීමට නියමිතයි. වැඩි විස්තර....

ඩග්ලස්ගේ උපදේශකවරියක් ඝාතනය කෙරේ - විමසුම.com

වෙඩි ප්‍රහාරයට ලක්වූ ස්ථානයේදීම මියගොස් ඇතිබව, හමුදා ප්‍රකාශකවරයා කියයි
මැයි,13,(විමසුම) – ඊ.පී.ඩී.පී. සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්ද මහතාගේ උපදේශකවරියක් වෙඩි ප්‍රහාරයකින් මියයයි. වැඩි විස්තර....

බොර තෙල් බැරලය ඇ.ඩො. 126 ට නගී - විමසුම.com

මැයි,13, (විමසුම) – බොර තෙල් බැරලයක ලෝක වෙළඳ ‍පොළ මිළ ඇමරිකානු ‍ඩොලර් 126 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. වැඩි විස්තර....

එජාපය උසාවි යයි - විමසුම.com

නැගෙනහිර ඡන්දපොලවල් 140 ඡන්ද ප්‍රතිඵල අහෝසි කරන්න-තිස්ස අත්තනායක

මැයි,13 (විමසුම) – නැගෙනහිර ඡන්ද ප්‍රතිඵල අභියෝගයට ලක් කර අධිකරණය හමුවට යාමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත. වැඩි විස්තර....