ඉන්ධන දහනය අවම කර ගැනීමේ අරමුණෙන් කටුබැද්ද, පෑලියගොඩ සහ නුගේගොඩ යන ප්‍රදේශවල ප්‍රධාන රථගාල් 3ක් ඉදිකිරීමටත් එම රථගාල්වල සිට කොළඹ දක්වා සුඛෝපභෝගි බස් රථ සේවාවක් ලබන අගෝස්තු මස සිට ආරම්භ කිරීමටත් රජය සැලසුම් කර තිබේ. ඉන්ධන නාස්තිය අවමකර ගැනීම සහ කොළඹ නගරයට පැමිණෙන වාහන ප්‍රමාණය අවම කර ගැනීමත් අරමුණු කර ගනිමින් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
මොරටුව විශ්වවිද්‍යාලය විසින් කරනු ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ දිනකට මගීන් 8,33,000ක් පමණ බැහැරින් කොළඹට පැමිණෙන බවයි. දුම්රිය මගින් පමණක් දිනකට 83,000ක් පමණ කොළඹට පැමිණේ. පුද්ගලික රථවාහන 175,000ක් පමණ දිනපතා කොළඹ නගරයට පැමිණේ. වැඩි විස්තර....
Wednesday, May 28, 2008
ජනගහන වර්ධන වේගය පහළට සාක්ෂරතාව ඉහළට - news.lk
ජනගහන වර්ධන වේගය පහළ වැටෙමින් පවතින අතර සාක්ෂරතා අනුපාතිකය , අධ්‍යාපන මට්ටම හා සැසඳීමේදී ඉහළ මට්ටමක පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි.
1940 සාක්ෂරතාවය 40%ක් වූ අතර 2005 වන විට එය 93% දක්වා වර්ධනය වී තිබේ. මෙහිදී වැඩිහිටි ජනගහනයට වඩා තරුණ පිරිස සාක්ෂරතා මට්ටමේ ඉදිරියෙන් සිටින බව අමාත්‍යාංශය පවසයි. වැඩි විස්තර....

උසස් පෙළ සියලුම විෂයයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම ආරම්භ වේ - news.lk
අ.පො.ස.(උ/පෙළ) විද්‍යා විෂය ධාරාවට අමතරව වාණිජ, කලා විෂය ධාරාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම සඳහා දිවයිනේ පාසල් 53ක් තෝරා ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් මෙම විෂය ධාරාවන් ඉගැන්වීමට අවශ්‍ය පහසුකම් එම පාසල් සඳහා ලබා දෙන මෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා උපදෙස් ලබා දී තිබේ.
බස්නාහිර පළාතේ පාසල් 12ක් ද මධ්‍යම පළාතේ පාසල් 8ක් ද මෙසේ තෝරා ගත් පාසල් අතර වේ.
දකුණ සහ වයඹ පළාත්වලින් පාසල් 07 බැගින් තෝරා ගෙන ඇති අතර සබරගමුව පළාතේ පාසල් 08ක්, ඌව පළාතේ 04ක් හා උතුරු පළාතේ පාසල් 03ක් තෝරා ගෙන තිබේ.
නැඟෙනහිර සහ උතුරුමැද පළාත්වලින් පාසල් 02 බැගින් තෝරා ගෙන තිබෙන අතර අ.පො.ස. (උසස් පෙළ) සියලු ම විෂයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වේ.

Tuesday, May 27, 2008
කොටි පුපුරණද්‍රව්‍ය විශේෂඥයා ගුවන් ප්‍රහාරයෙන් මරුට - මන්නාරම - Defence.lk
ඩෝරා යන අනවර්ථනාමයෙන් හඳුන්වනු ලැබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මන්නාරම ප්‍රදේශය භාර ප්‍රභලයකු හා පුපුරණ ද්‍රව්‍ය පිලිබඳ විශේෂඥයකු ඊයේ (මැයි 26) දින මන්නාරම ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරනු ලැබූ ප්‍රහාරයකදී මරණයට පත්ව ඇති බව වාර්තා වේ.
මන්නාරම ප්‍රදේශයේ ආරක්ෂක හමුදාවන්ට අයත් ආරක්ෂක සීමාවෙන් කිලෝමිටර් 1.5 ක් පමණ උතුරු දෙසට වන්නට පිහිටි ආන්ඳන්කුලම නම් ස්ථානයේ පිහිටි අවි ගබඩාවක් ඉලක්ක කර ගෙන උදෑසන 8.30 ට පමණ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙම ප්‍රහාරය දියත් කර ඇත.
ප්‍රහාරයෙන් එල්.ටී.ටී.ඊ.යට අයත් අවි ගබඩාවද සහමුලින්ම විනාශයට පත්ව ඇති බව ද වාර්තා වල වැඩි දුරටත් සඳහන්වේ.

දෙහිවල දුම්රිය බෝම්බය , අටක් මරුට: 72කට තුවාල - දිනමිණ.lk
දෙහිවල දුම්රිය ස්ථානයේදී ඊයේ (26) සවස කාර්යාල දුම්රියක් තුළ බෝම්බයක් පුපුරා යාමෙන් එහි ගමන් ගත් මගීහු අට දෙනෙක් මිය ගොස් තවත් 72ක් තුවාල ලැබූහ.
කොළඹ කොටුවෙන් ඊයේ සවස පානදුර බලා ගමන්ගත් කාර්යාල දුම්රියේ මෙම බෝම්බය පුපුරා ගිය අතර මියගිය සහ තුවාල ලැබුවන්ගෙන් වැඩිදෙනා රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයෝ වෙති. වැඩි විස්තර....

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති පදවිය නිමල්ට - දිනමිණ.lk
ශ‍්‍රී ලංකාවට අති විශාල කීර්තියක් ලබා දෙමින් රටවල් එකසිය අනූ තුනක ඒකමතික ඡන්දයෙන් සෞඛ්‍ය ආරක්‍ෂණ හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති තනතුරට පත් වී සිටියි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙතෙක් එම උසස් පදවියකින් පිදුම් ලත් එකම හා පළමු වන ශ‍්‍රී ලාංකිකයා වීමේ ගෞරවය ද මෙයින් ඒ මහතාට හිමිවේ. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ඊයේ (26) පෙරවරුවේ පැවැති ලෝක සෞඛ්‍ය සංවිධාන විධායක කමිටු රැස්වීමේ දී එම සංවිධානයේ සභාපති තනතුරට ඒ මහතා පත්කරනු ලැබුවේ ඔහුගේ දක්‍ෂතාවයත් කැපවීමත් නිසා බව එම සංවිධානය පවසයි. සාමාජිකයන් තිස්හතර දෙනෙකුගෙන් සමන්විත විධායක සභාව ඒකමතිකව ගනු ලැබූ මෙම තීරණය ශ‍්‍රී ලංකාවට විශාල ගෞරවයක් බව ඇමැතිවරයා පවසයි. වැඩි විස්තර....

Monday, May 26, 2008
දෙහිවල ප්‍රදේශයේදී දුම්රියක පිපිරීමක් - ethalaya.com
මැයි 26 - ප.ව. 5.10 : දෙහිවල ප්‍රදේශයේදී දුම්රියක පිපිරීමක්. තොරතුරු බලාපොරොත්තුවන්න
දුම්රිය ගාස්තු 100% කින් නගී - විමසුම.com
ඩීසල් ලීටරයකින් තවමත් රුපියල් 34 ක් පාඩුයි.
මැයි,26, (විමසුම) – දුම්රිය ගාස්තු මෙම 01 දා සිට 100% කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ නංවන බව, දුම්රිය සාමාන්‍යාධිකාරී ආචාර්ය ලලිතසිරි ගුණරුවන් පවසයි.
මේ අනුව, අදාළ ගමනාන්ත සඳහා අද මධ්‍යම රාත්‍රියේ සිට ලංගම අය කරන ගාස්තුවලට වඩා අඩු ප්‍රතිශතයකින් හෝ සමහර ගමනාන්ත වලදි ,ඊටත් වඩා වැඩි ප්‍රතිශතයකින් මෙම ගාස්තු සංශෝධනය සිදුවන බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අවධාරණය කරයි. වැඩි විස්තර....

ජ.වි.පෙ. නායකත්වය සෝමවංශට අහිමි වෙයිද? - විමසුම.com
යෝජනා වී ස්ථීර වන ඕනෑම කෙනෙකුට පක්ෂයේ නායකයා විය හැකියි - විජිත හේරත්
මැයි,26,(විමසුම) – ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය සෝමවංශ අමරසිංහ මහතාට හෙට සිට අහිමි වේදැයි, සැකයක් මේ වනවිට මතුව තිබේ.
මේ සැකය මතුව තිබෙන්නේ, හෙට උදෑසන 9.00 ට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ආරම්භ වන ජනතා විමුක්ති පෙරමුණේ 05 වන මහා සමුළුවේදී නායකයෙකු ඇතුළු සියළුම තනතුරු සඳහා පුද්ගලයින් තෝරා ගැනීමට තීරණය කිරීමත් සමගය. වැඩි විස්තර....

ත්‍රීරෝද රථ ගෑස් කෙරේ - විමසුම.com
මැයි,26,(විමසුම) – දිවයිෙන් ලක්ෂ 03ක් පමණ වන ත්‍රීරෝද රථ රජයේ වියදමින් ගෑස් බවට හැරවීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍යාංශ ඩලස් අලහප්පෙරුම පවසයි.
මේ අනුව එක් ත්‍රීරෝද රථයක් ගෑස් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් රුපියල් 25000ත් 30000ත් අතර මුදලක් දැරීමට සිදු වන බවත් එමඟින් ත්‍රීරෝද රථ ධාවන වියදම් 40%කින් අඩු කළ හැකි බව ප්‍රවාහන අමාත්‍යවරයා කීය.
ලබන අගෝස්තු මාසය වන විට මෙම කාර්ය නිමා කළ හැකි බව පවසන අමාත්‍යවරයා ඉන් අනතුරුව ත්‍රීරෝද රථ සඳහා මීටර් ක්‍රමයක් හඳුන්වා දී විධිමත් ගාස්තු ක්‍රමයක් හඳුන්වා දෙන බවද කීය

ඇමති නිමල් සිරිපාල, WHO සභාපති වේ - විමසුම.com
මැයි,26,(විමසුම) – සෞඛ්‍ය අමාත්‍ය, නිමල් සිරිපාල ද සිල්වා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති තනතුරට තෝරාගෙන ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ, ජිනීවා නුවරදී අද පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක කමිටු රැස්වීමේදී රටවල් 193 ක නියෝජිතයින්ගේ ඒකමතික ඡන්දයෙන් අමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිවරයා ලෙස තෝරාගත් බවයි.

නව දුම්රිය බලවේග කට්ටල 03ක් ලබන සතියේ - News.lk
වසර 10කට පසු දුම්රිය බලවේග කට්ටල 15ක් චීනයෙන් ගෙන්වීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු සැලසුම් කර තිබෙන බවත්, ඉන් 03ක් ලබන සතියේ කොළඹ වරායට ළඟා වීමට නියමිත බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු අද (26) රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
මෙහි එක් කට්ටලයක් නියාමක මැදිරිය සමඟ මැදිරි 06කින් සමන්විත වන අතර, අගනුවර තදාසන්න ප්‍රදේශවල ධාවනයේ යෙදවීමට අපේක්ෂිතය. විශේෂයෙන් මෙම සේවාවෙන් කාර්යාල සේවකයින්ට දුම්රිය ප්‍රවාහන කටයුතුවලදී සහන සැලසේ. වැඩි විස්තර....

Subscribe to:
Posts (Atom)