Monday, May 26, 2008

දෙහිවල ප්‍රදේශයේදී දුම්රියක පිපිරීමක් - ethalaya.com

මැයි 26 - ප.ව. 5.10 : දෙහිවල ප්‍රදේශයේදී දුම්රියක පිපිරීමක්. තොරතුරු බලාපොරොත්තුවන්න

දුම්රිය ගාස්තු 100% කින් නගී - විමසුම.com

ඩීසල් ලීටරයකින් තවමත් රුපියල් 34 ක් පාඩුයි.
මැයි,26, (විමසුම) – දුම්රිය ගාස්තු මෙම 01 දා සිට 100% කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ නංවන බව, දුම්රිය සාමාන්‍යාධිකාරී ආචාර්ය ලලිතසිරි ගුණරුවන් පවසයි.

මේ අනුව, අදාළ ගමනාන්ත සඳහා අද මධ්‍යම රාත්‍රියේ සිට ලංගම අය කරන ගාස්තුවලට වඩා අඩු ප්‍රතිශතයකින් හෝ සමහර ගමනාන්ත වලදි ,ඊටත් වඩා වැඩි ප්‍රතිශතයකින් මෙම ගාස්තු සංශෝධනය සිදුවන බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අවධාරණය කරයි. වැඩි විස්තර....

ජ.වි.පෙ. නායකත්වය සෝමවංශට අහිමි වෙයිද? - විමසුම.com

යෝජනා වී ස්ථීර වන ඕනෑම කෙනෙකුට පක්ෂයේ නායකයා විය හැකියි - විජිත හේරත්
මැයි,26,(විමසුම) – ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය සෝමවංශ අමරසිංහ මහතාට හෙට සිට අහිමි වේදැයි, සැකයක් මේ වනවිට මතුව තිබේ.

මේ සැකය මතුව තිබෙන්නේ, හෙට උදෑසන 9.00 ට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ආරම්භ වන ජනතා විමුක්ති පෙරමුණේ 05 වන මහා සමුළුවේදී නායකයෙකු ඇතුළු සියළුම තනතුරු සඳහා පුද්ගලයින් තෝරා ගැනීමට තීරණය කිරීමත් සමගය. වැඩි විස්තර....

ත්‍රීරෝද රථ ගෑස් කෙරේ - විමසුම.com

මැයි,26,(විමසුම) – දිවයි‍ෙන් ලක්ෂ 03ක් පමණ වන ත්‍රීරෝද රථ රජයේ වියදමින් ගෑස් බවට හැරවීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍යාංශ ඩලස් අලහප්පෙරුම පවසයි.

මේ අනුව එක් ත්‍රීරෝද රථයක් ගෑස් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් රුපියල් 25000ත් 30000ත් අතර මුදලක් දැරීමට සිදු වන බවත් එමඟින් ත්‍රීරෝද රථ ධාවන වියදම් 40%කින් අඩු කළ හැකි බව ප්‍රවාහන අමාත්‍යවරයා කීය.

ලබන අගෝස්තු මාසය වන විට මෙම කාර්ය නිමා කළ හැකි බව පවසන අමාත්‍යවරයා ඉන් අනතුරුව ත්‍රීරෝද රථ සඳහා මීටර් ක්‍රමයක් හඳුන්වා දී විධිමත් ගාස්තු ක්‍රමයක් හඳුන්වා දෙන බවද කීය

ඇමති නිමල් සිරිපාල, WHO සභාපති වේ - විමසුම.com

මැයි,26,(විමසුම) – සෞඛ්‍ය අමාත්‍ය, නිමල් සිරිපාල ද සිල්වා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති තනතුරට තෝරාගෙන ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ, ජිනීවා නුවරදී අද පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක කමිටු රැස්වීමේදී රටවල් 193 ක නියෝජිතයින්ගේ ඒකමතික ඡන්දයෙන් අමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිවරයා ලෙස තෝරාගත් බවයි.

නව දුම්රිය බලවේග කට්ටල 03ක් ලබන සතියේ - News.lk

වසර 10කට පසු දුම්රිය බලවේග කට්ටල 15ක් චීනයෙන් ගෙන්වීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු සැලසුම් කර තිබෙන බවත්, ඉන් 03ක් ලබන සතියේ කොළඹ වරායට ළඟා වීමට නියමිත බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු අද (26) රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

මෙහි එක් කට්ටලයක් නියාමක මැදිරිය සමඟ මැදිරි 06කින් සමන්විත වන අතර, අගනුවර තදාසන්න ප්‍රදේශවල ධාවනයේ යෙදවීමට අපේක්ෂිතය. විශේෂයෙන් මෙම සේවාවෙන් කාර්යාල සේවකයින්ට දුම්රිය ප්‍රවාහන කටයුතුවලදී සහන සැලසේ. වැඩි විස්තර....

හඳුනා ගත් ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර - විමසුම.com

මැයි,26 (විමසුම) –මන්නාරම ආන්දාන්කුලම් ප්‍රදේශයේ හඳුනා ගත් එල්.ටී.ටී.ඊ. ඉලක්ක වෙත අද උදෑසන 08.30ට පමණ ගුවන් ප්‍රහාර එල්ල කළ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

මන්නාරම ඉදිරි ආරක්ෂක වළල්ලට උතුරින් කිලෝ මීටර 1.5ක් පමණ ඈතින් පිහිටි ඉලක්ක වෙත මෙම ප්‍රහාර එල්ල කෙරිණි.

මිග් 24 යානා යොදා ගනිමින් භූමියේ සිටි භට පිරිස් වෙත සහාය දැක්වීමක් ලෙස ප්‍රහාර එල්ල කර ඇති අතර, මුළුමනින්ම එය සාර්ථක වූ බව ද ගුවන් නියමුවන් විසින් සනාථ කළ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

පෞද්ගලික අංශයේ වැටුප් සියයට 25කින් ඉහළට - දිනමිණ.lk

ඉහළ යන ජීවන වියදම හමුවේ ජනතාව මුහුණ දෙන ගැටලු අවම කිරීම සඳහා පෞද්ගලික අංශයේ වැටුප් වහාම කි‍්‍රයාත්මක වන පරිදි සියයට 15 සිට 25 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කැර ඇත.

මේ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ලබන සතියේ නිකුත් කිරීමට නියමිත බව කම්කරු සබඳතා හා මිනිස් බල ඇමැති අතාවුද සෙනෙවිරත්න මහතා ඊයේ (25) දිනමිණට පැවසීය. වැඩි විස්තර....

කොටි ග‍්‍රහණයෙන් කි. මීටර් 24ක් අල්ලාගනිමින් 57 සේනාංකය වවුනියා දිසා සීමාවෙන් ඉදිරියට - දිනමිණ.lk

වන්නි මෙහෙයුමේ තවත් තීරණාත්මක කඩ ඉමක් ලකුණු කරවමින් යුද හමුදාව ගෙවී ගිය සතියේ වවුනියා/මුලතිව් දිස්ති‍්‍රක් සීමාව පසු කරමින් මුලතිව් දිසාවට පිවිසියේ ය.

වවුනියාව - මන්නාරම මාර්ගයට සමාන්තරව හිඳිමින් මෙහෙයුම් ඇරැඹූ 57 වන සේනාංකය ඉකුත් සතියේ වවුනියා දිසා මායිම ඉක්මවා යමින් මුලතිව් දිසාවට පිවිසුනේ එල්. ටී. ටී. ඊ. පාලනය යටතේ පැවැති කිලෝ මීටර් 24 ක පමණ දුරක් අත්පත් කර ගනිමිනි. වැඩි විස්තර....

යුද හමුදාවට අලුත් සේනාංකයක් - දිනමිණ.lk

වන්නි යුද පෙරමුණට තවත් අලුත් සේනාංකයක් එක් කරමින් 61 වන සේනාංකය පිහිටුවීමට යුද හමුදාව සැරසෙයි.

අලුත් සේනාංකය පිහිටුවීමේ කටයුතු මේ වන විට බොහෝ දුරට අවසන් බව වාර්තා වෙයි. 61 වන සේනාංකය පිහිටුවීමත් සමඟ වත්මන් රජය යටතේ යුද හමුදාවේ අලුතින් ස්ථාපිත සේනාංක ගණන හතරක් දක්වා ඉහළ නගී. වැඩි විස්තර....

තවත් කාල බෝම්බයක් නුවරින් සොයාගැනේ - defence.lk

අද (මැයි 25) උදෑසන මහනුවර, වත්තේගම ප්‍රදේශයේ මැදවල මංසධියේ පිහිටි විදුලි උත්පාදක යන්ත්‍රයක් අසල අටවා තිබු කාල බෝමිබයක් සොයාගැනීමට වත්තේගම පොලිසි‍යේ රාජකාරියේ යෙදීසිටි පොලිස් සාමාජිකයන් පිරිසකට හැකිවී ඇත.

ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානය පවසන පරිදි ව්මසිලිමත් සිවිල් වැසියෙකුගෙන් පොලීසියට ලද තොරතුරක් අනුව අද උදෑසන 9.20 ට පමණ මෙම බෝමිබය සොයාගැනීමට හැකිවී තිබේ. පසුව මෙම බෝමිබය යුද හමුදා බෝමිබ නිෂ්ක්‍රිය අංශය විසින් නිෂ්ක්‍රිය කිර ඇත. මෙහි බර ප්‍රමාණය ක්‍රි:ග්‍රෑ 01 පමණ වන බව වාර්ථා සදහන් කරයි.

මෙම බෝමිබය සොයාගැනීමත් සමග දින දෙකක් ඇතුලත සොයාගත් තෙවන බෝමිබය මෙය වන අතර ඊයේ (මැයි 24) දිනය තුලදී ඵල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් සිවිල් වැසියන් ඉලක්ක කර විශාල මනුෂ්‍ය සංහාරයක් සිදුකිරීමේ අරමුණින් අටවා තිබු කාල බෝමිබ 02කක් ගනේමුල්ල සහ මොරටුව ප්‍රදේශයේදී සිවිල් වැසියන් දෙදෙනෙකුගේ ව්මසිලිමත්කම හේතුවෙන් සොයාගැනීමට හැකිවිය.

මේ සමිබන්ධව වත්තේගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මොරටුවේදී සිවිල් වැසියන් ඉලක්ක කර තැබූ බස් බෝම්බයක් සොයාගනී. - defence.lk

මොරටුවේදී සහ ගනේමුල්ල ප්‍රදේශයන් හි සිවිල් වැසියන් ඉලක්ක කරමින් ඊයේ (මැයි 24) පිපිරවීමට සූදානම් කර තිබූ බස් බෝම්බ 02ක් සොයා ගැනීමට හැකි වූ බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි.
ආරක්ෂක වාර්තා සඳහන් කරන අන්දමට ඊයේ දිනය තුල හමුවූ දෙවෙනි බස් බෝම්බය වන මෙය කි.ග්‍රෑ. 03 ක් පමණ බරින් යුක්ත වන අතර, එය කොළඹ සිට මොරටුව දක්වා මගීන් ප්‍රවාහනය කරන බස් රථයක තිබී රාත්‍රී 8 ට පමණ සොයා ගෙන ඇත. හිමිකරුවකු නොමැති පාර්සලයක් බස් රථයේ තිබෙනු දුටු මඟීන් ඒ සබැඳිව බස් රථයේ කොන්දොස්තර වරයා දැනුවත් කර ඇත. වහා ක්‍රියාත්මක වූ බ‍ස් රථයේ කේන්දොස්තර වරයා බසය රාවතාවත්ත ප්‍රදේශයේ නවත්වා මගීන් බස් රථයෙන් ඉවත් කර අංක 119 හදිසි සේවා අංශයට දුරකතන ඇමතුමක් දී මේ බව දන්වා ඇති බව ව‍ාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.
යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය වහාම එම ස්ථානයට පැමිණ කාල බෝම්බය සහිත පාර්සලය නිෂ්ක්‍රීය කර ඇත.

සිවිල් වැසියන් ඉලක්ක කර තැබූ බෝම්බයක් ගනේමුල්ලේ දී සොයා ගනී - defence.lk

කොස්සින්න ගනේමුල්ල ප්‍රදේශයේ බස් රථයක තිබූ කි.ග්‍රෑ 1.25 ක පමණ බර කාල බෝම්බයක් පොලිස් විශේෂ කාර්යය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය මඟින් අද (මැයි 24) සවස නිශ්ක්‍රීය කරන ලදි. ආරක්ෂක අංශ පවසන ආකාරයට හිමිකරුවෙක් නොමැති පාර්සලය දුටු බස් රථයේ කොන්දොස්තරවරයා එය කොස්සින්න ප්‍රදේශයේ පාළු ස්ථානයකට විසිකර ඒ සබැඳිව පොලිස් විශේෂ කාර්යය බළකා සෙබළුන්ට දන්වා තිබේ.
මෙම බෝම්බය හමුවී ඇත්තේ කොළඹ සිට පරකන්දෙනිය දක්වා පිටත් වූ බස් රථයකය. මේ අවස්ථාවේ දී බස් රථය තුල මඟීන් නොසිටි අතර, කොන්දොස්තර වරයා බස් රථයේ අසුනක් යට තිබී මෙම පාර්සලය දැක ඇති බව වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.