Wednesday, May 28, 2008

උසස් පෙළ සියලුම විෂයයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම ආරම්භ වේ - news.lk

අ.පො.ස.(උ/පෙළ) විද්‍යා විෂය ධාරාවට අමතරව වාණිජ, කලා විෂය ධාරාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම සඳහා දිවයිනේ පාසල් 53ක් තෝරා ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් මෙම විෂය ධාරාවන් ඉගැන්වීමට අවශ්‍ය පහසුකම් එම පාසල් සඳහා ලබා දෙන මෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා උපදෙස් ලබා දී තිබේ.

බස්නාහිර පළාතේ පාසල් 12ක් ද මධ්‍යම පළාතේ පාසල් 8ක් ද මෙසේ තෝරා ගත් පාසල් අතර වේ.

දකුණ සහ වයඹ පළාත්වලින් පාසල් 07 බැගින් තෝරා ගෙන ඇති අතර සබරගමුව පළාතේ පාසල් 08ක්, ඌව පළාතේ 04ක් හා උතුරු පළාතේ පාසල් 03ක් තෝරා ගෙන තිබේ.

නැඟෙනහිර සහ උතුරුමැද පළාත්වලින් පාසල් 02 බැගින් තෝරා ගෙන තිබෙන අතර අ.පො.ස. (උසස් පෙළ) සියලු ම විෂයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වේ.

No comments: