අද (මැයි 23) දින එල්.ටී.ටී.ඊ.යේ පාලන මධ්‍යස්ථානයකට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානා උපයෝගී කර ගනිමින් ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇත. මන්නාරම - පරප්පකඩත්තාන් ප්‍රදේශයේදී මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ විජේසූරිය මහතා ප්‍රකාශ කරන පරිදි උදෑසන 7.40 ට පමණ ප්‍රහාරය එල්ල කර ඇති අතර, ප්‍රදේශයේ මෙහෙයුම් වල නිරත පාබල හමුදා භට පිරිස් වලට සහාය ලබාදීම මෙහි අරමුණ විය. ප්‍රහාරය සාර්ථක වූ නමුත් එහිදී ත්‍රස්තවාදීන්ට සිදුවූ අලාභ හානි පිලිබඳව තව දුරටත් තහවුරු කරගත යුතුව ඇතැයි වින්ග් කමාන්ඩර් විජේසූරිය මහතා වැඩි දුරටත් පැවසීය.
Saturday, May 24, 2008
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment