Thursday, May 15, 2008

එල්ටීටීඊ කාන්තා මළසිරුරු පහක් හමුවේ - news.lk

වවුනියාවේ පෙරියමඩු ප්‍රදේශයේ යුද පෙරමුණේ ඊයේ පැය කීපයක් තිස්සේ එල්ටීටීඊය සහ යුද හමුදාව අතර ගැටුම් පැවති අතර එම ප්‍රහාරයෙන් මියගිය එල්ටීටීඊ සාමාජිකාවන් 5 දෙනෙකුගේ මළසිරුරු සොයාගෙන ඇතැයි ආරක්ෂක අංශ වාර්තා කරයි. උදෑසන 8.00 සිට සවස 2.00 පමණ දක්වා ත්‍රස්තවාදීන් සහ යුද හමුදාව අතර මේ ගැටුම් පැවතිණ. සෝදිසි මෙහෙයුමේ දී ටී-56 අවි 05ක්ද යුද හමුදාව විසින් සොයා ගෙන තිබේ. මෙම ගැටුම්වල දී එක් යුද හමුදා සාමාජිකයෙකු මියගොස් තවත් හමුදා සාමාජිකයෙකු තුවාල ලබා ඇත. වැඩි විස්තර....

No comments: