Friday, May 23, 2008
පරප්පකඩත්තාන් කොටි ඉලක්කයකට ගුවන් ප්‍රහාර - News.lk
මන්නාරම පරප්පකඩත්තාන් ප්‍රදේශයේ පිහිටි එල්ටීටීඊ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඉලක්ක කොට ගුවන් හමුදාවේ ප්‍රහාරක ගුවන් යානා මඟින් අද (23) ප්‍රහාර එල්ල කළ බව ගුවන් හමුදාව පවසයි. මන්නාරම ඉදිරි ආරක්ෂක වළල්ලේ ගොඩබිම් මෙහෙයුම්වල නිරත හමුදා භට පිරිස් සඳහා සහය වනු පිණිස මේ ගුවන් ප්‍රහාරය අද පෙරවරු 7.40ට පමණ එල්ල කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ විජේසූරිය මහතා පවසයි. ප්‍රහාරවල ඉලක්ක සාර්ථක වූ බව ද ගුවන් නියමුවන් සනාථ කර ඇත.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment