මැයි,26 (විමසුම) –මන්නාරම ආන්දාන්කුලම් ප්‍රදේශයේ හඳුනා ගත් එල්.ටී.ටී.ඊ. ඉලක්ක වෙත අද උදෑසන 08.30ට පමණ ගුවන් ප්‍රහාර එල්ල කළ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.
මන්නාරම ඉදිරි ආරක්ෂක වළල්ලට උතුරින් කිලෝ මීටර 1.5ක් පමණ ඈතින් පිහිටි ඉලක්ක වෙත මෙම ප්‍රහාර එල්ල කෙරිණි.
මිග් 24 යානා යොදා ගනිමින් භූමියේ සිටි භට පිරිස් වෙත සහාය දැක්වීමක් ලෙස ප්‍රහාර එල්ල කර ඇති අතර, මුළුමනින්ම එය සාර්ථක වූ බව ද ගුවන් නියමුවන් විසින් සනාථ කළ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.
Monday, May 26, 2008
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment