අද (මැයි 25) උදෑසන මහනුවර, වත්තේගම ප්‍රදේශයේ මැදවල මංසධියේ පිහිටි විදුලි උත්පාදක යන්ත්‍රයක් අසල අටවා තිබු කාල බෝමිබයක් සොයාගැනීමට වත්තේගම පොලිසියේ රාජකාරියේ යෙදීසිටි පොලිස් සාමාජිකයන් පිරිසකට හැකිවී ඇත.
ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානය පවසන පරිදි ව්මසිලිමත් සිවිල් වැසියෙකුගෙන් පොලීසියට ලද තොරතුරක් අනුව අද උදෑසන 9.20 ට පමණ මෙම බෝමිබය සොයාගැනීමට හැකිවී තිබේ. පසුව මෙම බෝමිබය යුද හමුදා බෝමිබ නිෂ්ක්‍රිය අංශය විසින් නිෂ්ක්‍රිය කිර ඇත. මෙහි බර ප්‍රමාණය ක්‍රි:ග්‍රෑ 01 පමණ වන බව වාර්ථා සදහන් කරයි.
මෙම බෝමිබය සොයාගැනීමත් සමග දින දෙකක් ඇතුලත සොයාගත් තෙවන බෝමිබය මෙය වන අතර ඊයේ (මැයි 24) දිනය තුලදී ඵල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් සිවිල් වැසියන් ඉලක්ක කර විශාල මනුෂ්‍ය සංහාරයක් සිදුකිරීමේ අරමුණින් අටවා තිබු කාල බෝමිබ 02කක් ගනේමුල්ල සහ මොරටුව ප්‍රදේශයේදී සිවිල් වැසියන් දෙදෙනෙකුගේ ව්මසිලිමත්කම හේතුවෙන් සොයාගැනීමට හැකිවිය.
මේ සමිබන්ධව වත්තේගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Monday, May 26, 2008
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment